Tuesday, March 20, 2012

ෆේස්බුක් ගිනුමක මුරපදය අමතක උනොත් Reset කරගන්නේ කොහොමද ?

ෆේස්බුක් ගිනුමක මුරපදය අමතක උනොත් Reset කරගන්නේ කොහොමද ?

                 කලින් ලිපියකදී මම කියලා දුන්නනේ ෆේස්බුක් ගිණුම ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන එක සම්බන්ධ කරුණු ටිකක්. අද මම කියලා දෙන්නේ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මුර පදය බැරි වීමකින් හෝ අමතක උනොත් අලුත් එකක් දාගන්නේ කොහොමද කියන එක ගැන. ඒක කියලා දෙන්න කලින් කියන්න ඕනෑ විශේෂ දෙයක් තියෙනවා වෙන කෙනෙකුගේ ෆේස්බුක් ගිණුමක් අනවසරයෙන් අත්පත් කරන්නත් ගොඩක් අය පාවිච්චි කරන්නේ මේ ක්‍රමේ. හැබැයි සාර්ථක වෙන ප්‍රමාණය නම් ගොඩක් අඩුයි. හේතුව මම ඉදිරියේදී කියල දෙන්නම්.
                      මුලින්ම පාස්වර්ඩ් ඒක අමතකනම් වැරදි එකක් ඇතුලත් කලාම ඔය පෙන්නලා තියෙන පින්තුරේ වගේ පිටුවක් පෙන්න පටන් ගන්නවනේ. එකේ ඔයාලට පේනවා " Forgot your password ? " කියලා එකක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට ලැබෙන්නේ  මෙන්න මෙහෙම පිටුවක්.
මෙතන ඊමේල් එක සමහර විට සම්පුර්ණයෙන්ම නොපෙන්වන්නත් ඉඩ තියෙනවා. අග තියෙන අකුරු හරි මුල තියෙන අකුරු හරි විතරක් පෙන්වනවා. මොකද අපි දන්නවනේ අපි ලියාපදිංච වෙන්න ඇතුලත් කරපු ඊමේල් ලිපිනය. SMS කියලා තියෙන්නේ අපිට පුළුවන්කම තියෙනවා අපේ ජංගම දුරකථන අංකය මගින් උනත් මේක කරගන්න. හැබැයි අපි ඒක කලින් ඇතුලත් කරලා මෙහෙම වෙන්න කියලා හදාගෙන තිබුනොත් විතරයි. නැත්නම් සමහර විට තවත් ඊමේල් ලිපිනයක් පෙන්වන්නත් ඉඩ තියෙනවා. ඒක ගොඩක් වෙලාවට අපි Secondary Email එක විදියට දාපු එක. දැන් ඔතනින් අවශ්‍ය එක තෝරලා Send Code කියන එක ක්ලික් කරන්න. මම කරගෙන යන්නේ ඊමේල් කියන එක ඇතුලත් කරලා. එහෙම කලාට පස්සේ ඔයාගේ ඊමේල් එකට පණිවිඩයක් ලැබෙනවා ඒක බලන්න ඕන. අපි බලමු මට ලැබිල තියෙන ඊමේල් ඒක මොකද්ද කියලා . මට ඇවිල්ල තියෙනවා මෙන්න මෙහෙම ඊමේල් එකක් 
දැන් තියෙන්නේ Enter the following password reset code: කියන එකට යටින් තියෙන අංකය කොපි කරගෙන ෆේස්බුක් පිටුවේ මෙන්න මෙහෙම පෙනෙන්න පටන් ගත්තු පිටුවට ඇතුලත් කරන්න.
ඒකත් හරිනේ. දැන් Submit Code කියන එක ක්ලික් කරන්න. බලන්න එතකොට මොකද්ද වෙන්නේ කියලා. 
ඉතිරි ටික කියන්නත් ඕන නෑ. අලුත් මුරපදයක් දෙන්න තියෙන්නේ. මේ ටික මට මේ විදියට කිසිම අමාරුවක් නැතුව අවේ මම මගේ ෆේස්බුක් ගිණුමම Reset කරපු නිසා. ඒත් වෙන කෙනෙක් වෙන කොහේ හරි ඉඳලා මේක කරන්න ගියානම් මේ තත්වය ගොඩක් වෙනස් වෙනවා. ෆේස්බුක් අඩවියෙන් අපි නිතරම භාවිතා කරන පරිගණක යන්ත්‍රයේ IP ලිපිනය මතක තිය ගන්නවා. ඒක නිසා වෙන තැනක ඉඳලා මේක කරන්න ගියාම තාවකාලිකව අපේ ගිණුම අත්හිටුවනවා. එහෙම කරලා අපි වැඩි පුරම භාවිතා කරපු පරිගණකයක් මාර්ගයෙන් මේක කරන්න කියනවා. ඒක නිසාම තමයි ෆේස්බුක් ගිණුම හැක් කරන්න අමාරු. බැරි වෙලාවත් අපිට ඒ කියන විදියට කරන්න බැරිනම් අපිට අපේ අනන්‍යතාවය ඔප්පු කරන පුළුවන් දේවල් එකක් හෝ කීපයක් ඉදිරිපත් කරලා ඒක කරගන්න ඒ කිවේ අපේ වාහන පැදවීමේ බලපත්‍රය, විදේශගමන් බලපත්‍රය වගේ එකක්ඉදිරිපත් කරලත් පුළුවන්. එහෙම කලාට පස්සේ තමන්ගේ ගිණුම නැවත සක්‍රිය කරගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් මේකෙදි තමන්ගේ ඊමේල් ලිපිනයත් ආරක්ෂිතව තියෙන්න ඕන. ඒක ආරක්‍ෂිත නැතිනම් මේ මොනවා කලත් වැඩක් නෑ. ඒක නිසා තමයි මම මගේ ජංගම  දුරකථන අංකයත් මේකට එකතු කරලා ආරක්ෂාව වැඩි කරගෙන තියෙන්නේ.
                       ජංගම දුරකතනයෙන් මේ වැඩේ කලත් ගොඩක් දුරට මේ හා සමානයි. වෙනසකට තියෙන්නේ ඊමේල් එකක් එනවා වෙනුවට කෙටි පණිවිඩයක් එන එක. ඒ පණිවිඩයේ සඳහන් වෙන්නේ මුලින් කියපු ඊමේල් එකේ වගේම අංකයක්. ඒක ඔබ ලැබෙන පිටුවට ඇතුලත් කරන්න. ඊට පස්සේ අන්තිමට කියපු ටික ඒවගේම කරගෙන යන්න. ඔයාලගේ පාස්වර්ඩ් එක මේ විදියට තමයි රීසෙට් කරගන්නේ. දැන් ඔයාල හිතයි වෙන කෙනෙකුටත් මගේ එක එහෙම ගන්න පුළුවන් කියලා . ඒකට පිළිතුර ඔව් සහ බෑ . ඔව් කියලා කිවේ ඔයාලගේ ඊමේල් ලිපිනයේ පාස්වර්ඩ් එක වෙන කෙනෙක් දන්නවනම් ඒක වෙන්න පුළුවන්. ඒත් ඔයාලගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක සහ වෙනත් තොරතුරු වෙන අය දන්නේ නැතිනම් වෙන කෙනෙකුට මේක කරන්න බෑ. තවත් දෙයක් දෙයක් තියෙනවා. මොන ජාතියෙන් හරි ඊමේල් ලිපිනයත් හොරෙන් අයිති කරගත්තා කියමුකෝ. ඒත් තව බාදාවක් තියෙනවා. ඊමේල් එකෙන් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න ගියාම ෆේස්බුක් එකෙන් කියනවා හරියට ඇතුල්වෙන්න නම් ඔයාලා අන්තිමට ෆේස්බුක් එකට ඇතුල් උන පරිගණකයෙන් හෝ වැඩි පුරාම භාවිත උණු IP ලිපිනයෙන් උත්සහ කරන්න කියලා. එහෙම කරන තුරු ෆේස්බුක් ගිණුම තාවකාලිකව අඩපන කරලා දානවා. තමන්ගේම පරිගණකයකින් අන්තර්ජාලයට පිවිසෙන අයටනම් මේක හොඳ දෙයක්. ඒත් පොදු තැනකින් අන්තර්ජාලයට පිවිසෙන අයටනම් මේක ලොකු පාඩුවක්. ගොඩක් වෙලාවට තමන්ගේ ෆේස්බුක් ගිණුම අහිමි උන අය භාවිත කරලා තියෙන්නේ පොදු අන්තර්ජාල සම්බන්ධතා එහෙම නැතිනම් පොදු පරිගණක යන්ත්‍ර. ඉතින් මේ තොරතුරු හොමොටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ වගේම මේ පිළිබඳව ගැටළු ඇත්නම් මට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

Tuesday, February 28, 2012

Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? ලිපි අංක 2

Forex කරන්න පටන් ගන්නවානම් හෝ දැනට කරගෙන යනවා නම් දැන ගතයුතුම කරුණු ටිකක්.

1. පළමු සහ විශේෂම කරුණ වන්නේ ෆොරෙක්ස් කිරීමේදී ඇති අවදානම් සහගත තත්වයන් නියමාකාරයෙන් අවබෝධ කරගෙන සිටීමයි.  අලුතෙන්ම ආරම්භ කරන්නෙක් දෙවරක් නොසිතා ආයෝජනය කිරීමෙන් සියලුම මුදල් අහිමි වීම සිදු වීමටද ඉඩ කඩ ඇත.

2. හැකි තරමින් Risk level එක අඩු තත්වයක තබාගෙන Trade කිරීමට උත්සහ දරන්න. එසේම Trade එක ආරම්භ කිරීමට ප්‍රථම Stop Loss අගය වැඩි කිරීමෙන් වලකින්න.


3. Trade එක ආරම්භ කිරීමෙන් පසු Stop Loss අගය අවශ්‍ය වේලාවන්හිදී වැඩි කරගැනීමෙන් හදිසි පාඩු ලැබීම අවම කරගත හැක.

4. එක් වරකදී Trade එකකට වැඩි ප්‍රමාණයක් කිරීමට යාමෙන් වැඩි මුදල් ප්‍රමාණයක් අහිමි වීමට ඉඩකඩ ඇත.

5. පාඩු ලැබූ දිනකදී පරාජිත මානසිකත්වයකින් යුතුව තව තවත් Trade කිරීමට යාමෙන් වලකින්න. පසු දින හෝ වෙනත් දිනක අලුත් මනසකින් නැවත අරඹන්න.

6. Trade එකක් ආරම්භ කිරීමට සූදානම් වන සෑම අවස්ථාවකදීම වෙළඳපොල අගයන් ඉහල හෝ පහල යාම තමාට වාසිදායක අවස්ථා තෝරාගන්න.
7. වෙළඳ පොළ හොඳ අවබෝධයකින් සිටින්න. වෙළඳපොල සම්බන්ධ ගැටලුකාරී අවස්ථාවන්හිදී Trade කිරීමෙන් වලකින්න.

8. එකම වර්ගයක මුදල් වර්ගයක් එකකට වැඩි වාර ගණනක් එකවර Trade කිරීමෙන් වලකින්න. පාඩු වීමකදී සියලුම Trade වලින් එහිදී පාඩු ලැබිය හැක.

9. සෑම විටම Trade කිරීමට ප්‍රථම Trade කිරීමට තෝරාගන්නේ මොනවද , කොපමණ මුදලක් එ වෙනුවෙන් ආයෝජනය කරනවාද යන්න තීරණය කරන්න. ඉන්පසු Trade කරන්න. Trade කිරීමෙන් පසු බරපතල තීරණ ගැනීමෙන් හැකිතාක් වලකින්න.

10.  Trade කිරීම සඳහා හොඳම අවස්ථාවක් එනතුරු සිටින්න. කිසිම අවස්ථාවක කලබල වී Trade කිරීමෙන් වලකින්න. එසේ කලබල වීමෙන් පාඩුවක් මිස ලාබයක් කිසිසේත්ම ලැබිය නොහැක. හොඳ Forex Traderකෙනෙකු වෙත මෙම ගුණාංගය තිබිය යුතුමය.

තවත් මෙවැනිම කරුණු එකතුවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

මට ලැබුණු ප්‍රතිචාර

සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක්